පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර 35 ත් 45ත් පමණ විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව සදහන් කළේ.
කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යා හැකියි.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 ක් 55 ක් පමණ දක්වා ඉහළ යා හැකි බවද එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් පවසනවා.
කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ අවධානමක් පවතිනවා.
මෙම මුහුදු ප්‍රදේශවල යාත්‍රාකරන ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව දැනුම් දී සිටින්නේ.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශත් විටින් විට රළු වීමේ අවධානමක්ද පවතිනවා.
උණුසුම් පුවත්
- හිටපු නාවික හමුදාපති යලිත් රක්ෂිත බන්ධනාගාරයට
- මාකදුරේ මදූෂ්ගේ බිරිඳගෙන් පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් – VIDEO –
- නාමල්ගෙන් නි:ඇමති සුනිල්ට එන්තරවාසි !
- හමාස් නායකයන්ට දැවැන්ත ප්‍රහාරයක්
- වැරදි කරන පොලිස් නිලධාරීන් ගැන ඇමති අවධානයෙන් – VIDEO –
- මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු රිමාන්ඩ්
- පාසල් විද්‍යාගාර වෙනුවෙන් මිලියන 500ක්
- ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතට කථානායකවරයා අත්සන් තබයි