දිවයිනේ ප්‍රදේශ 09ක වායු ගුණාත්මකභාවය පහළ ගොස් තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ගාල්ල, මහනුවර, රත්නපුර, ඇඹිලිපිටිය, පුත්තලම, බදුල්ල, ත්‍රිකුණාමලය, පොළොන්නරුව සහ අනුරාධපුර නගර, ඒ අතර වන බවයි.
ඒ අතරින් ගාල්ල කරාපිටිය, වායු ගුණාත්මකභාවය අඩුම ප්‍රදේශය වනවා.
එහි වායුගුණාත්මක දර්ශක අගය ඒකක 106 ත් 114 ත් අතර අගයක පවතින බව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.