ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි පිටියේදී ආරම්භ වුණා.කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශ නායකයා තීරණය කළ අතර ඊයේ දිනයේදී පළමු දිනයට තරගය නිමා වන විට ඔවුන් කඩුළු අටක් දැවී ලකුණු 220 ක් ලබා සිටියා. එහිදී බංග්ලාදේශ පිළ වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු සද්මන් ඉස්ලාම් ලකුණු 46 ක් ලබා ගත් අතර මුෂ්ෆිකර් රහීම් සහ ලිටන් දාස් පිළිවෙලින් ලකුණු 35 ක් සහ ලකුණු 34 ක් බැගින් වාර්තා කළා. ඊයේ දිනය පුරාවට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් තරගයේ පාලනය තමන් නතු කර ගැනීමට සමත්වීමද විශේෂත්වයක්. එහිදී ආරම්භක වේග පන්දු යවන්නන් වූ අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු කඩුළු දෙක බැගින් දවා ගැනීමට සමත් වූ අතර ඊයේ දිනයේ ටෙස්ට් වරම් ලබා ගත් තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂද කඩුළු දෙකක් දවා ගැනීමට සමත් වුණා. මීට අමතරව දඟ පන්දු යවන්නන් ලෙස නායක ධනංජය ද සිල්වා සහ තරිඳු රත්නායක එක් කඩුල්ල බැගින් ලබා ගැනීමට සමත් වුණා.
උණුසුම් පුවත්
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
- පිංවත්තේ පුද්ගල ඝාතනයක්














