මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනයට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විභාග කොමසාරිස් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කියා සිටියේ 2025 අගෝස්තු මස 10 ඉරිදා පෙරවරු 9.30 සිට මධ්‍යහ්න 12.15 දක්වා විභාගය පැවැත්වෙන බවයි.
ඒ අනුව දෙවන ප්‍රශ්න පත්‍රය පෙරවරු 9.30 සිට 10.45 දක්වාත් පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට මධ්‍යහ්න 12.15 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
එසේම මෙම විභාගය සඳහා අයදුම් කළ විභාග අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසලේ විදුහල්පතිවරයා වෙත මේ වන විට තැපැල් මගින් යවා ඇති බවද විභාග කෙමාසාරිස්වරිය නිකුත් කළ නිවේදනය සඳහන්.
මෙතෙක් එම ලේඛණ ලැබී නොමැති විදුහල්පතිවරුන්ට අඅඅඅ වෙත පිවිස “අපගේ සේවා” යටතේ ඇති එඑඑඑ මත ක්ලික් කිරීම මගින් හෝ වවවවව වෙත පිවිසීමෙන් පැමිණීමේ ලේඛනය බාගත කර ගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරු සංශෝධනය කළ යුතු නම් එය ජුලි මස 25 වන දින සිට අගෝස්තු මස 04 වන දින දක්වා මාර්ගගතව සංශෝධනය කිරීමටත් පහසුකම් සලසා ඇති බවයි විභාග දෙපාර්තමේන්තු නිවේදනය කරන්නේ.