නේපාලයේ රෝල්වාලින් කඳු පන්තියේ පිහිටි යාලුන්ග් රී කඳවුරු භූමිය ප්‍රදේශයේ
හටගත් දරුණු හිම කුණාටුවකින් කඳු නගින්නන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව
තිබෙනවා.
මියගිය අය අතර විදේශිකයන් පස් දෙනෙකු සහ නේපාල ජාතික
මාර්ගෝපදේශකයන් දෙදෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.
තවත් නේපාල කඳු නගින්නන් සිව් දෙනෙකු අතුරුදන්ව ඇති අතර,තවත් සිව්
දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වනවා.
විදේශීය කඳු නගින්නන් 5 දෙනෙකු සහ නේපාලි උස්බිම් සේවකයන් 10 දෙනෙකු
ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම යාලුන්ග් රී කඳු මුදුන තරණය කිරීමට
යන අතරතුර මෙම ඛේදවාචකයට මුහුණ දී තිබෙනවා.
හිම කුණාටුවට පෙර , දින කිහිපයක් රෝල්වාලින් නිම්නයේ අයහපත් කාලගුණ
තත්වයක් පැවති ි බව ද එරට පොලිසිය සදහන් කළා.
ගලවා ගැනීමේ මෙහෙයුම් ඉදිරියටත් සිදු කරන බවයි එරට පොලිසිය වැඩිදුරටත්
සදහන් කලේ.
උණුසුම් පුවත්
- මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
- දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට














