නුවරඑළිය නගරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ විශේෂ කැබිනට් පත්‍රයට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත් කෙරුණා.
නුවරඑළිය නගරයේ අලංකාරය රැක ගැනීම වෙනුවෙන් මහල් 4 ට වැඩි උස් ගොඩනැගිලි ඉදිකිරීම නතර කිරීම සහ දැනට පවතින ගොඩනැගිලි එම පරිසරයට ගැලපෙන පරිදි සකස් කිරීමේ යෝජනාවට අනුව ජනාධිපතිවරයා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර තිබුණා.
එම කැබිනට් පත්‍රිකාවට අනුව මෙම විශේෂ කමිටුව ස්ථාපනය කළ බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ.