දිට්වා සුළි කුණාටුවත් සමග නුවරඑළියට පිවිසීමට තිබූ මාර්ග හතරක් නායගොස් සහ පස් කඳු කඩා වැටීමෙන් ගමනාගමන කටයුතු ඇනහිට තිබු බවත් නුවරඑළියට පිවිසීමට තිබෙන නුවරඑළිය මහනුවර මාර්ගය ඇතුළු මාර්ග හතරක් ඊයේ(10) දින වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාර තෙන්නකෝන් මහත්මිය පවසනවා.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ(10) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරිය මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ මාර්ග මාර්ග හතර යථා තත්ත්වයට පත් කළද එම මාර්ගවල රථ වාහන ධාවනයට ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනයේ නිර්දේශ වාර්තාවක් ලබාදීමෙන් පසු බරවාහන ධාවනය සඳහා එම මාර්ග විවෘත කරන බවයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 19,832කට අයත් සාමාජිකයන් 63,000කට ආසන්න ප්‍රමාණයක් අවතැන් වී සිටිනවා.
ඉන් ආරක්ෂිත කඳවුරු 212ක පවුල් 6700ක් සිටින බැවින් ඒ අය සඳහා අවශ්‍ය පිසූ ආහාර සහ වියළි සලාක ලබාදීමට පියවර ගෙන ඇති බවත් කාලගුණ තත්ත්වය පහව යාමෙන් පසු ඇතැම් අවතැන්වූවන් ඔවුන්ගේ නිවාසවලට ගොස් ඇති නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10කට රුපියල් මිලියන 67ක ප්‍රතිපාදන ලබාදී ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියා.
නිවාස සුද්ද පවිත්‍ර කර ගැනීම සඳහා ලබාදෙන රුපියල් විසි පන්දහසක මුදල අවතැන්වූවන් සඳහා ගෙවීම ඉදිරි දින කිහිපය තුළදී සිදු කරන බවිය දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ.













