
නීතිවිරෝධීව දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ කාන්තාවක් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක්. ඇය විසින් රැගෙන ආ ගමන් මළු 04ක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 35,200ක් අඩංගු දුම්වැටි කාටූන් 176ක් සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.














