නිරිතදිග මෝසම සක්‍රියවීම නිසා නැවත දැනුම්දෙනතුරු අරාබි මුහුදු ප්‍රදේශයේ යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
අරාබි මුහුදු ප්‍රදේශයේ අක්ෂාංශ හයත් – විස්සත් සහ නැගෙනහිර දේශාංශ 55 සහ 68 අතර මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 80 දක්වා ඉතා තද සුළං පැවතීම හේතුවෙන් එම ප්‍රදේශ ඉතා රළුවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.