දිස්ත්‍රික්ක නවයක් සඳහා තවදුරටත් නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින්.
මෙම දිස්ත්‍රික්කවල පහත් බිම් හා බෑවුම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව අඛණ්ඩව පවතින වර්ෂාව හේතුවෙන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි එම සංවිධානය දැනුම් දෙන්නේ.
ඒ අනුව, කොළඹ, කළුතර, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා තවදුරටත් නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.