දිස්ත්රික්ක කිහිපයකට නිකුත්කර තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කොට තිබෙනවා.
ඒ අනූව මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්රික්කවල නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමයි මෙසේ දීර්ඝ කර ඇත්තේ.
එමෙන්ම බදුල්ල, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්රික්කවලට නිකුත් කර ඇති 2 මට්ටමේ අනතුරු ඇඟවීම ද දීර්ඝ කර තිබෙනවා.
මේ අතර කොළඹ, ගම්පහ සහ රත්නපුර දිස්ත්රික්කවලට 1 මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ.