දිට්වා සුළි කුණාටුවෙන් නායයාමට ලක්වූ කොත්මලේ රන්වන්තලාව මාවෙල මාස්වල හරහා නුවරඑළියට පිවිසෙන මාර්ගයේ විශාල කොටසක් නායයාම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වී තිබෙනවා.
එම ප්‍රදේශයට වාහනයක් ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබියදී තලවකැලේ ලිඳුල නගර සභාව, කොටගල ප්‍රාදේශීය සබාව සහ එම ප ළාත් පාලන ආයතනවල සභාපතිවරුන් නාගරික මන්ත්‍රීවරුන් සේවකයින් බැකෝ යන්ත්‍රයක් රැගෙන ගොස් එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලබනවා.
එම ප්‍රතිසංස්කරණ කටයුතුවලට ප්‍රදේශවාසීන්ගේද පූර්ණ ශ්‍රම දායකත්වය ලැබී ඇති අතර එහි ආපදාවට පත් ජනතාවට ආරක්ෂක අංශ විසින් පා ගමනින් ගොස් ආහාර පාන සහ අත්‍යවශය භාණ්ඩ ලබාදී තිබෙනවා.











