ජාතික පොලිස් කොමිෂන් සභාව ජ්‍යේෂට නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුගේ පත්වීම් සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා.
ඒ අනුව, සංජීව ධර්මරත්න පරිපාලනය භාර ජ්‍යේෂට නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර තිබුණා.
එමෙන්ම මීට පෙර එම ධූරයේ සේවය කළ ලලිත් පතිනායක මහතා එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.
ඒ අනුව ඔහු මධ්‍යම පළාත භාර ජ්‍යේෂට නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කිරීමටයි අනුමැතිය ලබා දී ඇත්තේ.
මේ අතර ජ්‍යේෂට නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කර තිබෙනවා.
ඒ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විදෙස් ගතවීම හේතුවෙන් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.













