269 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව එක් අයෙක් දිවි බේරාගෙන තිබු එයාර් ඉන්දියා ගුවන් අනතුර සිදු වූ ස්ථානයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගොස් තිබෙනවා. එසේම තුවාල ලැබූවන් හමුවීම සඳහා අහමදාබාද් සිවිල් රෝහලටද ඔහු ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මේ අතර සර්දාර් වල්ලභභායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවත්, අහ්මදාබාද් ගුවන්තොටුපොළ ආසන්නයේ දී ඊයේ කඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන් යානයේ කළු පෙට්ටි දෙකෙන් එකක් සොයා ගෙන තිබෙන බවත් විදෙස් වාර්තා සඳහන් කළා.
මේ අතර ඉන්දියාව විසින් මෙහෙයවන එම විමර්ශන කටයුතු සඳහා බි්‍රතාන්‍යයේ ගුවන් අනතුරු විමර්ශන ශාඛාව, ඇමරිකානු ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය සහ ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන බෝයිං හි විශේෂඥයින් සම්බන්ධ වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.