
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන් වූ විෂ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම අද වනාතවිල්ලුව දාහකාගාරයේ දී සිදුකෙරුණා. මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් වූ කිලෝග්‍රෑම් 99යි ග්‍රෑම් 478ක හෙරොයින් තොගයක් විනාශ කිරීම සඳහා මාරවිල අධිකරණ සංකීර්ණයෙන් අද පෙරවරුවේ රැගෙන ගොස් තිබුණා. ඒ මාරවිල දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ගිහාන් බස්නායක මහතාගේ අධීක්ෂණයෙන්.














