නිරන්තරයෙන් ධීවර යාත්‍රා අනතුරට ලක්වීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා.
අදාළ අනතුරුවලට හේතුවූ කරුණු හා ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳව අවධානය යොමුකිරීමේ අරමුණින් මෙම කමිටුව පත්කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
පහු ගිය දින වල ධීවර යාත්‍රා අනතුරට ලක්වීමේ සිදුවීම් තුනකින් ධීවරයින් පස් දෙනෙකු මියගිය අතර තවත් දෙදෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටිනවා.