පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තු යෝජනාවක් මගින් පත් කරන ලද විමර්ශන කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.
ඒ ඔහු ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහායි.
ඒ අනුව 2025 මැයි 19 වන දින පස්වරු 2.00 ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 8 හිදී කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙසටයි පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ.
ගරු සභාපතිතුමාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ විනිසුරු වරුන් ලෙස විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ එම්. විනිසුරු නීල් ඉද්දවල සහලලිත් ඒකනායක කටයුතු කරනු ලබනවා.
2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ පනතේ විධිවිධාන යටතේ කමිටුව විසින් සිය විධානයට අනුකූලව පරිපූර්ණ විමර්ශනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.