දේශබන්දු තෙන්නකෝන් මහතා රටින් පිටව ගොස් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා පවසනවා.
අද පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව අත්අඩංගුවට ගැනීමට ඔහු රැදී සිටින ස්ථාන පරික්ෂාවට ලක් කළත් නීතියට අනුගත නොවී ඔහු සැඟව සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
එමෙන්ම හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ඕනෑම තොරතුරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සෘජුවම යොමු කරන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.