දිවයිනේ ප්‍රදේශ රැසකට ආපදාවෙන් බලපෑම් එල්ලවී තිබුණ ද මෙම මාසයේ මුල් සතිය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 43,000 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව, පෙරේදා වනවිට සංචාරකයින් 43,329 ක් දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටියේ.
ඉන් වැඩිම සංඛ්‍යාව ඉන්දියානුවන් වන අතර එම ප්‍රමාණය 8989 ක්.
ඉන්පසු වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ පිළිවෙළින් රුසියාව, ජර්මනිය, එක්සත් රාජධානිය, චීනය සහ ඔස්ට්‍රේලියාව යන රටවලින්.










