ශ්‍රී ලංකා දුම්රිය සේවයට නව දුම්රිය රියදුරන් පිරිස්ක බඳවා ගැනීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේකර මහතා පවසනවා.
ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටයේ නොවැම්බර් මස අගවන විට නව දුම්රිය රියදුරන් 162ක් බඳවා ගැනීමට නියමිත බවයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ දුම්රිය රියදුරන් බඳවා ගැනීමේ විභාගයෙන් අනතුරුව අදාළ විභාගය සමත් වූ පිරිස බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ දිනවල සිදුකරමින් පවතින බවයි.













