පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 10 කට පැනවූ නායයෑමේ අනතුරු ඇගවීම් හෙට පස්වරු 4 දක්වා යළි දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට එලෙස නායයෑමේ අවධානම් බලාත්මකයි.
මීට අමතරව මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලටද නායයෑමේ අවධානම් තවදුරටත් ක්‍රිියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කළේ.













