ගිනිගත්හේන නෝර්ටන්බි්‍රජ් මාර්ගයේ ගමනාගමන කටයුතු අද(24) දින සිට යථා තත්ත්වය් පත් කළ බව නෝර්වුඩ් මාර්ග සංවර්ධන කාර්යාලයේ නිලධාරියෙක් කියා සිටියා.
එම මාර්ගයේ ලොනැක් අට්ලිස් ප්‍රදේශයේ කැලණි ගඟට ජලය ගලා බසින ඇල මාර්ගයක් හරහා ඉදිකර තිබූ මාර්ගය ගිලා බැසීමේ අවදානමක් පැවැතීම හේතුවෙන් එම මාර්ගයන ඉකුත් 14 දින සිට තාවකාලිකව වසා දැමුණා.
එම ස්ථානයේ බේල් පාලමක් (යකට පාලමක්) සවිකර අද(24) දින සිට එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට මාර්ගය යළි විවෘත කිරීමට නෝර්වුඩ් මාර්ග සංවර්ධන කාර්යාලයේ ඉංජිනේරුවරයා පියවර ගෙන තිබෙනවා.
එම පාලම ඉදිකිරීම සඳහා මහා මාර්ග අමාත්‍යංශය මගින් ප්‍රතිපාදන වෙන් කර තිබුණා.