මෛත්‍රිය, ප්‍රඥාව කෙරෙහි අවධානය යොමු කරන ලෙස දලෙයි ලාමා ගෝලීය බෞද්ධ සමුළුවේදී ඉල්ලා තිබෙනවා.
ටිබෙටයේ වර්තමාන තත්වය පුළුල් දෘෂ්ටිකෝණයකින් බැලිය යුතු බවයි ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා අවධාරණය කරන්නේ.
දලයි ලාමාතුමන් ඒ බව කියා සිටියේ පසුගියදා ඉන්දියාවේ පැවැති ගෝලීය බෞද්ධ සමුළුව අමතමින්.
ප්‍රඥාව සහ මෛත්‍රිය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඕනෑම පුද්ගලයෙකුට ධෛර්යය වැඩි කර ගත හැකි බවයි දලෙයි ලාමාතුමන් එහිදී පැවසුවේ. එදිනෙදා ජීවිතයේදී පවා, අතිවිශාල සහ දරාගත නොහැකි ගැටළු ඇති විය හැකි වුවත්, ධෛර්යය තිබේ නම් වඩාත් ශක්තිමත් වනු ඇති බව ද දලයි ලාමාතුමන් සඳහන් කර තිබෙනවා.
ලෝකයේ සියලුම ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මික ගුරුවරුන් අතර බුදුන් වහන්සේ අද්විතීය ගුරුවරයෙකු වන්නේ උන්වහන්සේගේ දර්ශනය හේතුවෙන් බව ද දලයි ලාමාතුමන් අවධාරණය කළා.