පාරිභෝජනය සදහා සුනඛ මස් විකිණීම දකුණු කොරියාව පුරා තහනම් කර තිබෙනවා.
2024 වසරේ මීට අදාළ නීති කෙටුම්පත් කර ඇති අතර එය සම්මත වී ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදීයි.
මස් පිණිස් සුනඛයින් ඇති කිරීමේ කර්මාන්තයේ නිරත පිරිසට ඉන් ඉවත්වීම සදහා 2027 වසරේ පෙබරවාරි මාසය දක්වා කල් ලබාදී තිබෙනවා.
කෙසේ වෙතත් එම කාලය ප්‍රමාණවත් නොවන බවයි මෙම කර්මාන්තයේ නිරත පිරිස් සදහන් කළේ.
මිලියන භාගයක් පමණ වන සුනඛයින්ගේ ආරක්ෂාව සදහා ක්‍රියාමාර්ග ගෙන නොමැති බවටද ඔවුන් චෝදනා කළා.