දකුණු අප්‍රිකානු ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනෙකුට එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ආබාධවලට ලක් වීම හේතුවෙන් අන්රික් නොකියාට හා සිසන්ඩා මාගලාට මෙලෙස ලෝක කුසලාන තරගාවලිය අහිමි වී ඇති බවයි.
ඔවුන් දෙදෙනා වෙනුවට ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ හා ලිසාද් විලියම්ස් ලෝක කුසලාන සංචිතයට ආදේශ කිරීමට ද එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
නොකියා පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක් වුණේ ඕස්ටේරලියාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී යි.
ඕස්ටේරලියාවට එරෙහි තෙවැනි එක්දින තරගය පමණක් ක්‍රීඩා කළ සිසන්ඩා මාගලාගේ වම් දණහිසෙහි ආබාධයක් සිදුව තිබෙනවා.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන 5 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
- නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
- සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
- ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
- සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
- සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
- බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට














