ජොහැන්නස්බර්ග් නුවර පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට සහභාගි වන ලෙස දකුණු අප්‍රිකාව ඉන්දියාවට ආරාධනා කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා කළ ආරාධනය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගෙන ඇති බවයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා ඒ බව නිවේදනය කර තිබෙනවා.
දුරකතන සාකච්ඡාවට එක්වෙමින් නායකයින් දෙපළ මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නිකුත් කල ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 30 වැනි සංවත්සරය සමරන අවස්ථාවේදී ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රගතිය සමාලෝචනය කළ බවයි.