අද (13) අලුයම් කාලයේ ඊශ්‍රායලය විසින් ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී තිබෙනවා.
අද දිනයේ එහි මිල 9%ක අගයකින් ඉහළගොස් ඇති අතර එය පසුගිය මාස 5තුළ වාර්තාවූ ඉහළම අගය බවම විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අ.ඩො 6.29කින් ඉහළ ගොස් ඇති අතර එහි නවතම මිල අ.ඩො. 75.65ක අගයක් ගෙන තිබෙනවා. එමෙන්ම පසුගිය ජනවාරි 27 වනදා බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78.50ක අගයක් ගත් අතර ඉන් පසු වාර්තාවූ ඉහළම මිල මෙය වනවා.