ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර මාලදිවයින බලා පිටත්ව ගියා. මාලදිවයින් ජනාධිපති මොහමද් මුයිසු මහතාගේ ආරාධනයකට අනුව ලබන 30 වැනිදා දක්වා ජනාධිපතිවරයා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයේ නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.
මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින් ජනාධිපතිවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටත් නියමිත බවද සඳහන්.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමට අදාළව 60 වැනි සංවත්සරය මෙම වසරේදී සමරනු ලබන අතර ජනාධිපතිවරයාගේ මාලදිවයින් රාජ්‍ය සංචාරය දෙරටටම වැදගත් වනු ඇති. එමෙන්ම මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ව්‍යාපාරික සංසදයක් ඇමතීමට සහ ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාව හමුවීමට ද නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා.
ජනාධිපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග මෙම සංචාරයට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.