රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා ජුලි මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නේ ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ නිදහස නොලැබූ රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධියකට ආධාර අනුබලන ලබාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබාදී තිබෙනවා.
අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න යන මහත්වරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.