මතුගම පොලිස් වසමේ වෝගන්වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 41 ක් වූ වෝගන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඝාතනය සිදුකළ සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා මතුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













