තායිලන්තය විසින් නීතිගත කළ සමලිංගික විවාහ නීතිය අද සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
සමලිංගික විවාහක යුවල 180 දෙනෙකු අද සිය විවාහ ගිවිස ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා
පසුගිය වසරේදී තායිලන්තය තුළ සමලිංගික විවාහ නීති කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර ඊට පක්ෂව ඡන්ද 400ක් ලැබුණු අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 10ක් පමණක් බව වැඩි දුරටත් සදහන් කළා
මෙම නීතිය ක්‍රියාත්මක වීම මගින් තායිලන්තය තුළ සමලිංගික යුවලකට අද සිට විවාහ වීමටත්, ඔවුන්ගේ වත්කම් කළමනාකරණය කිරීම සහ උරුම කරගැනීමටත්, දරුවන් හදා ගැනීමටත් සමාන අයිතිවාසිකම් හිමිවනු බවද සදහන් කළා