අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් පාසල් සිසුන් 06 දෙනෙකු සහ ගුරුවරයෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත අද(12) ඇතුළත් කළ බව නෝර්වුඩ් පොලිසිය පවසනවා.
අද(12) උදෑසන 8.15ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදීයි.
නෝර්වුඩ් දියසිරිගම ප්‍රදේශයේ සිට නෝර්වුඩ් අයර් බී දමිළ මහ විද්‍යාලය දක්වා පෙර පාසල් ළමුන් හය දෙනෙකු සහ එම පෙර පාසලේ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරියක ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක් මෙසේ අනතුරට පත්වී ඇත.
ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදයේ අනාරක්ෂිත ලෙස සවි කර තිබූ අමතර කොටසක් මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බවත් නෝර්වුඩ් පොලිසිය කියා සිටියේය.
මෝටර් රථය කාන්තාවක් විසින් ධාවනය කර ඇති බවත් එම කාන්තාව සැක පිට නෝර්වුඩ් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රෝහල් ගත කළ හත් දෙනාගෙන් එක් ළමයෙකු හැර අනෙක් හය දෙනා රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවයි නෝර්වුඩ් පොලිසිය කියා සිටියේ.