ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුද්දක් සහ අත්දැකීම් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
ඊට අදාළ පත්වීමේ ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අමල් නිරෝෂණ අත්තනායක මහතා වෙත අද(13) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී ලබාදී තිබෙනවා.
වසර 25කට අධික කාලයක් පුරා දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුද්දක් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
පාසල්වියේදී ජනාධිපති බාල දක්ෂයෙකු ලෙස කටයුතු කර ඇති ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබාගෙන තිබෙනවා.
විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇති ඒ මහතා ටෙනිස් ක්‍රීඩාවෙන් මෙරට නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලි සඳහාද සහභාගි වී ඇති බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
දේශීය මෙන්ම විදේශීය වෙළෙද සන්නාම රැසක නිර්මාණකරුවෙකු වන අත්තනායක මහතා දකුණු ආසියාවේ මෙන්ම මෙරට ජාත්‍යන්තර ප්‍රදර්ශන කිහිපයක් මෙහෙයවීම සහ කළමනාකරණය සිදුකර ඇති බවත් නවීන තාක්ෂණික හා ඩිජිටල්කරණය භාවිතයේ මනා පළපුරුද්දක්ද ඒම හතා සතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.