ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා මෙරට රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. සිය නිල සංචාරය නිමා කරමින් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සදහා එක් වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා. එම පනත යටතේ දීර්ඝ කාලයක් තිස්සේ රඳවාගෙන සිටින රැදෙවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බවයි ඔහු එහිදී වැඩි දුරටත් සදහන් කළේ. මීට අමතරව සමරිසි විවාහ අපරාධයක් නොවන ලෙසට යෝජනා වන පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කරන ලෙසද ඔහු රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන සම්බන්ධයෙන්ද තමන් මෙරට රජය සමගින් සාකච්ඡා කළ බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- මන්ත්රී අර්චුනාට වරෙන්තු නිකුත් කරයි
- අසල්වැසියන්ගේ ගැටුම මරණයෙන් කෙළවර වෙයි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- BREAKING NEWS: කොළඹ මහ නගර සභා අයවැයෙන් මාලිමාව පරදියි
- හැටන් දික්ඔය නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි
- මහ මග පෙරළුණු තුන් සක රිය ලංගම බසයක ගැටෙයි
- කැඩී ගිය යකඩ පාලම වෙනුවට වතු කම්කරුවන්ගෙන් තාවකාලික පාලමක්
- හැටන් දික්ඔය නගර සභාවෙන් නියෝගයක්













