දේශීය ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර දීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔවුන් රටේ ආර්ථික වර්ධනයට උපරිමයෙන් දායක කර ගන්නා බවයි ජනපතිවරයා සදහන් කළේ.
ජනාධිපතිවරයා මේ බවපැවසුවේ තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදීයි.
ව්‍යාපාර කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම, නීති රීති සම්පාදනය සහ නියාමනය රජය විසින් සිදු කරනු ලබන බවද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළා.
ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ ගැටලු පිළිබඳව මෙහිදී එම නියෝජිතයෝ ලිඛිතව ජනාධිපතිවරයා දැනුවත් කළ අතර, ඊට අදාළ යෝජනාද ඉදිරිපත් කර තිබුණා.
රාජ්‍යය නූතනත්වයට ඔසවා තැබීම කෙරෙහි මෙවර අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
එහිදී රාජ්‍ය සේවයට අවශ්‍ය නවීන තාක්ෂණය සහ පහසුකම් ලබා දීම මෙන්ම ඩිජිටල්කරණ වැඩපිළිවෙළ කෙරෙහිද විශේෂ අවධානයක් යොමුව තිබෙන බව සඳහන් කළා.
එම මණ්ඩලයේ නියෝජිතයින් මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිහිවටන තිළිණයක්ද පිළිගැන්වීම මෙහිදී සිදු වුනා.
උණුසුම් පුවත්
- උණුසුම් කාලගුණය ගැන රතු නිවේදනයක් !
- අහස රැක ගන්න යුරෝපයෙන් අලුත් වැඩක්
- සජිත් අයි.එම්.එෆ් නියෝජිතයන් හමුවෙයි – VIDEO –
- චෝදනා වලට අල්ලස් කොමිසමෙන් පිළිතුරු – VIDEO –
- හිටපු ජනාධිපති මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා රක්ෂිත බන්ධානාගාරයට
- යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට රජයෙන් නව පියවරක්
- ටිංකර් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
- කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී