ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනයේ ආනයන අපනයන බැංකුව සමග රජය සාකච්ඡා කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සාකච්ඡාවල නිරත වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළා.
ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික ණයහිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගැනීමේ අදියර අනුවයි.
මෙම කාර්තුව තුළ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම අපේක්ෂාව බව මුදල් රාජ්‍ය අමාත්වරයා අනාවරණ කර සිටියා.
ජනාධිපතිවරයා – චීනයේ ආනයන සහ අපනයන බැංකුවේ සහාපතිවරයා සමග කළ සාකච්ඡාවේදී මෙරටට දැනුම්දී ඇත්තේ කඩිනමින් මෙම ගැටලුව නිරාකරණය කිරෙමට මැදිහත්වන බවයි.