
කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් දක්වා යාත්‍රා කරමින් සිටියදී අනතුරට ලක්ව තිබූ මගී බෝට්ටුවේ සිටි සියලුදෙනා බේරාගැනීමට සමත් වූ බව නාවික හමුදාව පවසනවා. අයහපත් කාලගුණ තත්ත්ව හේතුවෙන් බෝට්ටුව මෙලෙස අනතුරට ලක් ව තිබුණා. අයහපත් කාලගුණ තත්ත්වයන් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණද මෙම මගී ප්‍රවාහන බෝට්ටුව කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් දක්වා යාත්‍රා කර ඇති බවයි නාවික හමුදාව පවසන්නේ. අනතුරට ලක්වන අවස්ථාවේ බොට්ටුවේ ඔපරේටර්වරු දෙදෙනෙක් අතුළුව පුද්ගලයින් 10 දෙනෙකු සිට තිබෙනවා. මෙම පිරිස ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට අතුළත් කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වනවා.














