
ද වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකය නිකුත් කළ නවතම වාර්තා වලට අනුව ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,114 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්. එමෙන්ම වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ.














