සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට, කාන්තා ක්‍රීඩාවලට සහභාගි වීම තහනම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
ඒ, ඊට අදාළ විධායක නියෝගයට ඊයේ අත්සන් තබමින්.
මෙය ජනවාරි 20 වනදා ඔහු බලයට පත්වීමෙන් පසු අත්සන් කළ සිව්වන විධායක නියෝගයයි.
මෙම විධායක නියෝගය හා සම්බන්ධව කටයුතු කරන ධවල මන්දිර නිලධාරීන් පවසා ඇත්තේ මෙම නියෝගයේ ප්‍රධාන අරමුණ වන්නේ කාන්තාවන්ට, ආරක්ෂිතව සහ සාධාරණ ලෙස මලල ක්‍රීඩාවන්වල නිරත වීමට අවස්ථාව සැලසීම බවයි.