ජාතික අපනයන සංවර්ධන සැලැස්ම පිළිබඳ ප්රාදේශීය උපදේශන වැඩමුළුවක් මහනුවර දී පැවැත්වුණා.
ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සකස් කිරීම සඳහා ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මෙය සංවිධානය කර තිබුණා.
ඒ ආසියා සංවර්ධන බැංකුව සමග එක්වයි.
ඉදිරි වසර පහ සඳහා අපනයන සංවර්ධන සැලැස්ම සැකසීමට සිය අදහස් ලබා දීම සදහා පළාත් වාණිජ මණ්ඩල අපනයන සංවිධාන සහ රාජ්ය ආයතනවල නියෝජිතයන් ඊට එක්ව සිටියා.
රටේ අපනයන තරගකාරීත්වය ශක්තිමත් කිරීම සහ තිරසර ආර්ථික වර්ධනයක් ඇති කිරීම මෙහි ප්රධාන අරමුණයි.
උණුසුම් පුවත්
- ගායන ශිල්පී රාජු බණ්ඩාර ජීවිතක්ෂයට පත්වෙයි
- පොල්ලකින් ගසා පුද්ගල ඝාතනයක් කළ ීඔත් නිලධාරියා පොලිසියට භාරවෙයි
- වතුකරයේ ජනතාව සූර්ය රාජයා නමදිමින් තෛපොංගල් උත්සවය සමරයි
- PHOTOS: දිට්වා නිසා නැවතුණු කෝච්චියක් මාස දෙකක් තිස්සේ උලපෙන් සහ ගම්පොළ අතර
- කිරි තේ මිල පහළට
- කාලගුණයෙන් නිවේදනයක්
- නාවලපිටියේ පුද්ගල ඝාතනයක්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්













