ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයකු සතු වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.
ඒ මහතා මේ බව සදහන් කළේ පත් කරන ලද නව දූතමණ්ඩල ප්‍රධානින් සමගින් පැවැත්වූ සාකච්ඡාවකදීයි.
ඉන්දුනීසියාවේ තානාපති ලෙස එස්.එස්.ප්‍රේමවර්ධන මහත්මිය ද බ්‍රසීලයේ තානාපති සී.ඒ.සී.අයි.කොලොන්න මහත්මිය පත් කර තිබෙනවා.
මාලදිවයිනේ මහකොමසාරිස් ලෙස පත් කර ඇත්තේ එම්.ආර්.හසන් මහතායි.
තුර්කියේ තානාපති ලෙස එල්.ආර්.එම්.එන් කදුරුගමුව මහතා පත් කර ඇති අතර නේපාලයේ තානාපති ලෙස රුවන්ති දෙල්පිටිය මහත්මිය පත් කර තිබෙනවා.
එම්.කේ.පත්මනාදන් මහතා දකුණු කොරියාවේ තානාපති ලෙසත් ඕමානයේ තානාපති ලෙස ඩබ්ලිව්.ඒ.කේ.එස්.ද අල්විස් මහතා පත් කර තිබුණා.
නව පත්වීම් ලැබූ දූත මණ්ඩල ප්‍රධානීන් වෙත සුබ පැතුම් එක් කළ ජනාධිපතිවරයා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සේවා සැපයීමේදී කිසිදු බේදයකින් තොරව සාධාරණව කටයුතු කරන ලෙසයි උපදෙස් දී ඇත්තේ. ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් ඒවාට කඩිනමින් මැදිහත් වන ලෙසද නව දූත මණ්ඩල ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී තිබුණා.
එසේම ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික වශයෙන් ස්ථාවරත්වයට ගමන් කරමින් සිටින බැවින් රටේ වත්මන් අවශ්‍යතා සහ අභියෝග වටහා ගෙන කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ.
උණුසුම් පුවත්
- මන්ත්‍රීවරු 20ක් ගිනි අවි ඉල්ලයි
- වැලිගම ප්‍රා.ස. සභාපතිගේ ඝාතනයට සම්බන්ධ යතුරු පැදිය හමුවූ තැන
- විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
- පිස්තෝලයක් සහ උණ්ඩ සමග ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
- ෂොපිං බෑග්වලට අද ආපු නීතිය ගැන හැටන්වල මත දෙකක්
- ලංගම බස් රියදුරා නීති විරෝධී බඩුත් එක්ක මාට්ටු
- වතුකරයෙන් රටටම ආදර්ශයක්
- වෙඩි තැබීමේ සිද්ධියකට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට













