සමනල වැවෙන්, උඩවලව ජලාශයට ජලය මුදා හැරීම සම්බන්ධ යෝජනාව හෙට යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ පිළිබඳ පසුගියදා රාත්‍රියේ ජනාධිපතිවරයා සමග දීර්ඝව සාකච්ඡා කළ බවයි.
එහිදී සාකච්ඡා කෙරුණු කරුණු ද ඇතුළත්ව අදාළ යෝජනාව යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව, අමාත්‍යවරයා සඳහන් කලා.
එමෙන්ම වගාවට ජලය ඉල්ලා ඇඹිලිපිටියේ ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට සති දෙකක් සපිරෙනවා.
ගොවීන් අවධාරණය කරන්නේ, වගාවට ජලය නිකුත් කරන තුරු සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
උණුසුම් පුවත්
- දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්
- විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
- වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…
- හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි
- උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස
- T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
- දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි














