ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදිල් ඊබ්‍රහිම් අහමඩ් මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.
ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම පිළිබඳ මෙන්ම දෙරටේ සංචාරක සහ ආයෝජන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා.
එමෙන්ම මැදපෙරදිග කලාපයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානයට ලක්ව තිබෙනවා.