බංග්ලාදේශයේ අගමැතිනිය ශෙයික් හසීනා ඉන්දීය මහමැතිවරණයෙන් පසු එරට සංචාරය කිරීමට නියමිත බව බංග්ලාදේශ විදේශ කටයුතු ඇමැති හසන් මහමූද් ප්‍රකාශ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මේ මස 19 වැනිදා ආරම්භ වී ලබන ජුනි මස 1 වැනිදායින් නිමාවට පත් වන ඉන්දීය මහමැතිවරණයෙන් පසු මේ සංචාරය සිදු කිරීමට නියමිත බවයි.