යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු 166කට අදාළ අස්ථි හමුවී තිබෙනවා.
සමූහ මිනීවළෙහි පස්වන අදියරේ කැනීම් කටයුතු සැප්තැම්බර් 07 දක්වා සිදුකිරීමට සැළසුම් කර ඇති බවයි කැනීම් නිලධාරීන් සදහන් කලේ.
සමූහ මිනීවළ සම්බන්ධයෙන් සිදුකළ ස්කෑන් පරීක්ෂණ වාර්තා සැළකිල්ලට ගනිමින් පස්වන අදියර කැනීම් කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බවද කැනීම් නිලධාරීන් තවදුරටත් සඳහන් කලා.