චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ නිකුත් කළ දත්තවලට අනුව, 2025 නොවැම්බර් මස අවසානය වන විට, චීන විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.3464 ක් බව වාර්තා වනවා.
ඔක්තෝබර් අවසානයට සාපේක්ෂව එය ඩොලර් බිලියන 3 කින් වැඩි වූ අතර එහි වර්ධනය 0.09% ක්.
2025 වසරේ නොවැම්බර් මාසයේදී, විනිමය අනුපාත පරිවර්තනය සහ වත්කම් මිල වෙනස්වීම වැනි සාධක හේතුවෙන් විදේශ විනිමය සංචිතය වර්ධනය වී ඇති බව චීන විදේශ විනිමය පරිපාලනය ප්‍රකාශ කළා.
චීනයේ ආර්ථිකය සාමාන්‍යයෙන් ස්ථාවර සහ ප්‍රගතිශීලී සංවර්ධන ප්‍රවණතාවක් පවත්වා ගෙන ගිය අතර, විදේශ විනිමය සංචිතවල මූලික ස්ථාවරත්වයට එමගින් සහාය වී තිබෙනවා.










