චීනයේ නිංෂි හුයි ස්වයංපාලිත ප්‍රාන්තයේ පැවැත්වෙන 2025 ජාත්‍යන්තර තරුණ මිත්‍රත්ව කඳවුර සඳහා ජාතික තරුණ සේවා සභාව නියෝජනය කරමින් තරුණ තරුණියන් පස් දෙනෙකු සහභාගී වීමට නියමිත බව තරුණ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.
එම තරුණ තරුණියන් සඳහා ගුවන් ටිකට්පත් ලබාදීම තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදු කෙරුණා.
අගෝස්තු පස්වෙනිදා සිට දහවෙනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන සඳහා ජාතික තරුණ සේවා සභාවේ සෞන්දර්ය අංශයෙන් හා විදේශ සංචිතයෙන් තරුණ තරුණියන් තෝරා ගෙන තිබෙනවා.
ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන් මෙලෙස තරුණ කඳවුරක් සඳහා චීනයට යන්නේ වසර තුනකට පසුව බව තරුණ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
මෙහිදී අදහස් දැක්වූ ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසුවේ පෙර පැවති ක්‍රමවේදයන් වෙනස් කරමින් වඩාත් විනිවිදභාවයෙන් තරුණ තරුණියන් තෝරා ගැනීම සිදු කළ බවයි.