බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත් වුණා. පැතුම් නිස්සංක සමගින් දෙවන කඩුල්ලට ලකුණු 194 ක අගනා සබඳතාවක් පැවැත් වූ ඔහු ලකුණු 93 ක් රැස් කරගෙන සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියා. ඒ හේතුවෙන් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 17 වැනි ශතකයට ලකුණු හතක් පසුපසින් තිබියදී චන්දිමාල්ගේ ඉනිම අවසන් වුණා. ඔහු 2022 වසරේදී ගාල්ලේ පැවති තරගයදී පාකිස්තානයට එරෙහිව නොදැවී ලකුණු 94 ක් රැස්කිරීම හැරෙන්න, මීට පෙර කිසිදු අවස්ථාවක ටෙස්ට් තරගයකදී ලකුණු 90 ත් 99 ත් අතරදී දැවී ගොස් නොතිබීමද විශේෂත්වයක්. චන්දිමාල් අවස්ථා හයකදී ලකුණු 80 ත් 89 ත් අතර දී දැවී ගොස් තිබෙනවා.
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි













