Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    2026-02-24

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    2026-02-24

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    2026-02-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
    • විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
    • පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට
    • කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
    • ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
    • යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
    • ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඝාතන දෙකකට සූදානම්ව සිටි හීනටියන මහේෂ්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

    ඝාතන දෙකකට සූදානම්ව සිටි හීනටියන මහේෂ්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

    ටී.කේ.ජී. කපිල - කටුනායක
    2023-12-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.32 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාතාල කල්ලි නායකයකු බව කියන හීනටියන මහේෂ් නමැත්තාගේ ගෝලයෙක් බව කියන පුද්ගලයෙකු ඝාතනයක් සිදු කිරීමේ අරමුණේ සිටියදී අවිආයුධත් සමග කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ යුක්තිය මෙහෙයුම යටතේ සිදු කරන ලද වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බවයි.

    කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කියා සිටියේ ඩුබායි සිට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන හීනටියන මහේෂ් නමැත්තාගේ උපදෙස් මත මිනීමැරුම් තුනක් සිදු කිරීම සඳහා, අවශ්‍ය ගිනි අවි, යතුරු පැදි සමග සූදානමින් සිටි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    ඉකුත් 20 වනදින ආඩිඅම්බලම ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදු කර පළායමින් සිටියදී 28 හැවිරිදි කළහුගොඩ ප්‍රදේශයේ පදිංචි මොහු අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07 කාලයක් සඳහා රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන තිබෙනවා.

    එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම මිනීමැරුම් සම්බන්ධයෙන් කරුණු අනාවරණ කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

    අදාළ මිනීමැරුම් සඳහා භාවිතා කිරීමට සූදානමින් සිටි ඇමෙරිකාවේ නිෂ්පාදිත මිලිමීටර් 09 ස්වයංක්‍රීය රිවෝල්වරයක්, එයට යොදන උණ්ඩ, ව්‍යාජ අංක තහඩු සවි කරන ලද යතුරු පැදි දෙකක් සහ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා හෙරොයින් මිලි ග්‍රෑම් 6010 ක් ද සොයා ගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මිනුවන්ගොඩ, උන්නාරුව සහ කළහුගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනකු මෙසේ මොහු ඝාතනය කිරීම සඳහා සූදානම් වී සිටි අතර මොහුගේ සහායක වෙඩික්කරු ද මිනුවන්ගොඩ පොලිසිය මගින් හදිසියේම හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීම නිසා මෙම මිනීමැරුම් මදක් පමා වී පැවති බව කටුනායක පොලිසියේ ප්‍රකාශයෙකු කියා සිටියා.

    මෙම පුද්ගලයා අද(27) දින ඔහු සන්තකයේ පැවති ගිනි අවිය, එයට යොදන උණ්ඩ, යතුරු පැදි දෙකක් සහ හෙරොයින් තොගය සමග 12/27 දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක සහ මීගමුව 111 සහකාර පොලිස් අධිකාරී රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත කටුනායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් නිශ්ශංක මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක මාරසිංහ, උපපොලිස් පරීක්ෂක මොහොමඩ් නිෂ්මි, පොලිස් සැරයන් 37371 සුනිල්, පොලිස් කොස්තාපල්වරුන් වන 33249 අනුෂ්ක, 96820 සදමාල්, 102289 මධුසංඛ යන පොලිස් කොස්තාපල් රියැදුරු 16611 සිල්වා යන මහත්වරුන් විසින් සිදු කරමින් සිටිනවා.

    පෙර පුව​තපොදුජන පෙරමුණේ එකම අරමුණ බලය ලබාගැනීමයි
    ඊළඟ පුව​ත රුහුණු කතරගම දේවාලයේ ප්‍රධාන කපුමහතා CIDයට භාරවෙයි

    සබැ​ඳි පුවත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ

    ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    2026-02-24

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    2026-02-24

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    2026-02-24

    කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ

    2026-02-24
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group