ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුනා .
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර බැතිමතුන්ගේ වන්දමාන සහ ආගමික කටයුතු සඳහා ලබා දීම වෙනුවෙන්, මෙය ක්‍රියාත්මකයි .
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් මෙම වැඩසටහන සිදු කෙරෙනවා .
එහි සමාරම්භය අද සිදු කෙරුනේ ගම්පොළ දොරගල පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදියි .
එමෙන්ම ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ ජාතික වැඩසටහනේ තවත් සමාරම්භක උත්සවයක් අද පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතයි .
ඒ මාතලේ කවටයාමුණ පුරාණ රජමහා විහාරස්ථානයෙන් .













